Tuesday, May 12, 2009

කැතැයි හොදේ!!!


මේ දවස් වල Cricket කිව්වොත් ඉතින් කාටත් මතක් වෙන්නෙ IPL. නමුත් මම ලියන්නෙ IPL ගැනවත් වෙන මුකුත් වත් නෙවෙයි. Dialog TV පාරිභොගිකයන්ට වෙච්ච අසාඩාරනයක් ගැන.
මම බොඩිමේ ඉදලා ගෙදර ගියේ ආතල් එකේ Match එක බලන්න හිතගෙන. අපි Dialog TV පාරිභොගිකයන් උනේ අපිට පැහැදිලිව channel පෙනුනෙ නැති නිසා. නමුත් එච්චරම අපහැදිලිත් නැ. ඒ උනත් ඉතින් අපිත් ගත්තා Dialog TV 100 packege එක.ඔන්න ඉතින් Match එක බලන්න කියලා හිතාගෙන බිස්කට් පැකට් එකකුත්set කරගෙන TV එක දැම්මා. Channel Eye එකත් දම්මා.මොකද Channel Eye එකේ තමයි Match එක පෙන්නන්නෙ. End of Transmisson වෙනකොට යන display එක TV එකේ තියෙන්නෙ. මට යකා නැග්ගා. මම ඉතින් මල්ලිට කතා කරලා ඇහුවා මොකක්ද අවුල කියලා. එතකොට තමයි දැන ගත්තේDialog එකෙන් Channel Eye Block කරලා කියලා. Setmax එකේ match එක පෙන්නන හින්දා තමයි මේ වැඩේ කරලා තියෙන්නෙ.ඉතින් කාට කියන්නද මේ අසාඩාරනය?!! නේද? එකයි Blog එකේ සටහන් කරන්න හිතුවේ.
අපි පෙන්නැති Channel එකකට නිකන් සල්ලි ගෙවනවා. අනේ මන්ද. වැඩ ගොඩ ගැහිලා.(හෙට DBMS වල Assignment එකක්). නමුත් ලිවිය යුතුයි කියලා හිතුන හින්දා තමයි ලිව්වේ. අපි නවතිනවා. බුදුසරණයි.

Saturday, April 25, 2009

බිත්තර + පාන් (පලමු ලිපිය)


අද සෙනසුරාදා.(වේලව 11:21 ප:ව) අපේ බොඩිමේ ඉන්නෙ මමයි අත්තයි(එකා ගොරව ගොරව නිදි). අනිත් එවුන් (බකලෙ, බසන්නා, කිරා) ගමේ ගිහින්. මට ජවා පන්තියක් තිබුන හින්දා මට ඉන්න උනා. මාර පාලුයි. එහෙම ඉන්න කොට තමයි මට හිතුනෙ බ්ලොග් එකක් ලියන්න. පලමු ලිපිය නිසා අඩුපාඩු ඇති. අඩුපාඩු තියනවනම් කියල එවන්න.
අද කවුරුවත් නැති නිසා අපි(මමයි, අත්තයි) තිරණය කළා රැට පාන් කන්න. ඉතින් මම පන්ති ඉවර වෙලා එන ගමන් බොඩිම ලග තියන කඩෙන් පාන් ගෙඩි 1 1/2කුය් බිත්තර 3කුයි අරගෙන ගිහිල්ල මේසේ උඩින් තියලා බෝඩිම අස් කලා. බෝඩිම සත්තු වත්තක් වගේ තිබුනේ. අත්තත් ඇවිල්ලා පොඩි මලකුත් කඩලා දෙන්නත් එක්ක පාන් කන්න පරිප්පු හැදුව. හදල ඉවර වෙලා මම පාන් කපන්න පාන් ගෙඩි එලියට ගන්න කොට බිත්තර එකක් කුඩු වෙලා. බිත්තර සාරු පාන් ගෙඩියෙ හොදටම ගැවිලා. මට මළ පැන්නා එක දැක්කම. එවෙලේ මට යකෙක් කන්න බඩගිනි වෙල හිටියේ. වේලාවත් 8:30 පැනලා. මොන දෙවියන්ට කියන්නද? එවෙලේ ආපු අදහස් මෙතන ප්‍රසිද්දියෙ කියන්න බැ.සාරු ගැවුන හරියෙ පාන් ටික කපලා වෙන් කරා. ඉතුරු බිත්තර දෙක හදාගෙන ඉවර වෙලා අර සාරු ගැවුන පෙති ටිකත් තෙලේ බැද්දා. බැදලා මිරිස් කුඩු ටිකකුත් දා ගෙන කැව. මාර රසයි. ඔන්න ඕක තමයි බිත්තර + පාන් කතාව. එහෙනම් අපි නැවතුනා. ආයේ හමුවෙමු. තෙරුවන් සරණයි.