Saturday, April 25, 2009

බිත්තර + පාන් (පලමු ලිපිය)


අද සෙනසුරාදා.(වේලව 11:21 ප:ව) අපේ බොඩිමේ ඉන්නෙ මමයි අත්තයි(එකා ගොරව ගොරව නිදි). අනිත් එවුන් (බකලෙ, බසන්නා, කිරා) ගමේ ගිහින්. මට ජවා පන්තියක් තිබුන හින්දා මට ඉන්න උනා. මාර පාලුයි. එහෙම ඉන්න කොට තමයි මට හිතුනෙ බ්ලොග් එකක් ලියන්න. පලමු ලිපිය නිසා අඩුපාඩු ඇති. අඩුපාඩු තියනවනම් කියල එවන්න.
අද කවුරුවත් නැති නිසා අපි(මමයි, අත්තයි) තිරණය කළා රැට පාන් කන්න. ඉතින් මම පන්ති ඉවර වෙලා එන ගමන් බොඩිම ලග තියන කඩෙන් පාන් ගෙඩි 1 1/2කුය් බිත්තර 3කුයි අරගෙන ගිහිල්ල මේසේ උඩින් තියලා බෝඩිම අස් කලා. බෝඩිම සත්තු වත්තක් වගේ තිබුනේ. අත්තත් ඇවිල්ලා පොඩි මලකුත් කඩලා දෙන්නත් එක්ක පාන් කන්න පරිප්පු හැදුව. හදල ඉවර වෙලා මම පාන් කපන්න පාන් ගෙඩි එලියට ගන්න කොට බිත්තර එකක් කුඩු වෙලා. බිත්තර සාරු පාන් ගෙඩියෙ හොදටම ගැවිලා. මට මළ පැන්නා එක දැක්කම. එවෙලේ මට යකෙක් කන්න බඩගිනි වෙල හිටියේ. වේලාවත් 8:30 පැනලා. මොන දෙවියන්ට කියන්නද? එවෙලේ ආපු අදහස් මෙතන ප්‍රසිද්දියෙ කියන්න බැ.සාරු ගැවුන හරියෙ පාන් ටික කපලා වෙන් කරා. ඉතුරු බිත්තර දෙක හදාගෙන ඉවර වෙලා අර සාරු ගැවුන පෙති ටිකත් තෙලේ බැද්දා. බැදලා මිරිස් කුඩු ටිකකුත් දා ගෙන කැව. මාර රසයි. ඔන්න ඕක තමයි බිත්තර + පාන් කතාව. එහෙනම් අපි නැවතුනා. ආයේ හමුවෙමු. තෙරුවන් සරණයි.


11 comments:

  1. සත්තු දෙන්නෙක් ඉන්නකොට ඉතිං සත්තු වත්ත තමයි. ආ අත්තා කැඩුවේ පොඩි මලක්ද පැය 3ක වගේ පොඩි එකක් වෙන්න ඇති නේද?
    තොපි අපි නැති වෙලේ රසට කෑම කෑව නේද අනේ බඩ පලයන් .....

    ReplyDelete
  2. මාර රසය් බන්.. ම්......ම්....ම්.... මතක් වෙන කොටත් කටට කෙල උනනවා..

    ReplyDelete
  3. මට නම නම් මතක නැහැ ඒත් ඔය විදිහට හදන කෑමක් තියෙනවා, බිත්තර ගාල පාන් ටෝස්ට් කරල.

    සුභ පැතුම් !!!!!!!!
    දිගටම ලියන්න.

    ReplyDelete
  4. අලුත් කෑමක් හදලනේ. නියමයි. අලුත් වැඩ වලට සුභ පැතුම්. දිගටම ලියන්න. අපි ඉන්නව බලන්න.

    ReplyDelete
  5. වර්ඩ් වෙර්ෆිකේෂන් අයින් කලොත් හොදයි වගේ. කමෙන්ට් දාන අයට කරදරයි.

    ReplyDelete
  6. ගාල්ලෙ තවත් කල්ප කෙනෙක් බ්ලොග් ලියනව... මාරුවෙයි.. බලාගෙන!

    ReplyDelete
  7. සේරටම බොහොම ස්තුතියි.

    ගල්ලේ අනිත් කල්පත් මම තමයි. ඉස්සල්ල හදපු බ්ලොග් එක මම කරේ නෑ

    ReplyDelete
  8. පාන් පෙති වල බිත්තර සාරු තවරලා තෙල් නැතුව තා‍ච්චියක තියල රත් කරලා කනවා කොහොමත්.. බිත්තර ටිකක් වැඩිය ගියාට . ඒක රසයි!

    ReplyDelete
  9. එල එල මචෝ දිගටම ලියමු.මටත් ලඟදි ලියන්න බැරි වුනා
    දිගටම ලියන්න සුභපතනවා

    ReplyDelete
  10. @කල්ප @ශාකුන්තල

    ශාකුන්තල අයිය කියපු අනිත් කල්ප මම හිතන්නෙ මම :-)

    මගේ නම කල්ප පැතුම්

    ReplyDelete
  11. ඔව් ඔව් තිරයෙ ලියන කල්ප තමා. :)

    ReplyDelete