Saturday, April 25, 2009

බිත්තර + පාන් (පලමු ලිපිය)


අද සෙනසුරාදා.(වේලව 11:21 ප:ව) අපේ බොඩිමේ ඉන්නෙ මමයි අත්තයි(එකා ගොරව ගොරව නිදි). අනිත් එවුන් (බකලෙ, බසන්නා, කිරා) ගමේ ගිහින්. මට ජවා පන්තියක් තිබුන හින්දා මට ඉන්න උනා. මාර පාලුයි. එහෙම ඉන්න කොට තමයි මට හිතුනෙ බ්ලොග් එකක් ලියන්න. පලමු ලිපිය නිසා අඩුපාඩු ඇති. අඩුපාඩු තියනවනම් කියල එවන්න.
අද කවුරුවත් නැති නිසා අපි(මමයි, අත්තයි) තිරණය කළා රැට පාන් කන්න. ඉතින් මම පන්ති ඉවර වෙලා එන ගමන් බොඩිම ලග තියන කඩෙන් පාන් ගෙඩි 1 1/2කුය් බිත්තර 3කුයි අරගෙන ගිහිල්ල මේසේ උඩින් තියලා බෝඩිම අස් කලා. බෝඩිම සත්තු වත්තක් වගේ තිබුනේ. අත්තත් ඇවිල්ලා පොඩි මලකුත් කඩලා දෙන්නත් එක්ක පාන් කන්න පරිප්පු හැදුව. හදල ඉවර වෙලා මම පාන් කපන්න පාන් ගෙඩි එලියට ගන්න කොට බිත්තර එකක් කුඩු වෙලා. බිත්තර සාරු පාන් ගෙඩියෙ හොදටම ගැවිලා. මට මළ පැන්නා එක දැක්කම. එවෙලේ මට යකෙක් කන්න බඩගිනි වෙල හිටියේ. වේලාවත් 8:30 පැනලා. මොන දෙවියන්ට කියන්නද? එවෙලේ ආපු අදහස් මෙතන ප්‍රසිද්දියෙ කියන්න බැ.සාරු ගැවුන හරියෙ පාන් ටික කපලා වෙන් කරා. ඉතුරු බිත්තර දෙක හදාගෙන ඉවර වෙලා අර සාරු ගැවුන පෙති ටිකත් තෙලේ බැද්දා. බැදලා මිරිස් කුඩු ටිකකුත් දා ගෙන කැව. මාර රසයි. ඔන්න ඕක තමයි බිත්තර + පාන් කතාව. එහෙනම් අපි නැවතුනා. ආයේ හමුවෙමු. තෙරුවන් සරණයි.